
ප්‍රධාන පුවත්
පොතුවිල් මුහුදේ ආපදාවට පත් ධීවරයෙකු නාවික හමුදාව මුදාගනී
පොතුවිල් මුහුදේ ආපදාවට පත් ධීවරයෙකු මුදාගැනේ යන මෙහෙයුම යටතේ, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මුහුදේ ආපදාවට පත් වූ මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු නිරුපද්‍රිතව මුදා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව තිබේ.
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයෙන් ලැබුණු දැනුම්දීමකට අනුව මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව, නාවික හමුදාවේ විජයබාහු නෞකාව සහ නාවික යාත්‍රා යොදවා ඊයේ (17) සිදු කළ සෝදිසි මෙහෙයුමේදී පොතුවිල් මුහුදු සීමාවට ඔබ්බෙන් ආපදාවට පත් වූ ධීවර යාත්‍රාවේ සිටි ධීවරයා සොයාගෙන ආරක්ෂිතව මුදාගෙන ඇත.
මුදාගත් ධීවරයාට විජයබාහු නෞකාව තුළදී මූලික ප්‍රථමාධාර ලබාදී, පසුව කඩිනමින් ගොඩබිම වෙත රැගෙන ගොස් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ බව නාවික හමුදාව සඳහන් කළේය.



