ප්‍රධාන පුවත්

උත්සව සමයේ කුකුළු මස් හිඟයක් නැහැ – මිල රු. 1,250 යටතේ පවත්වාගැනීමට සැලසුම්

උත්සව සමය තුළ වෙළෙඳපොළේ කුකුළු මස් හිඟයක් ඇති නොවන ලෙස අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය ප්‍රකාශ කරයි.

එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ, දැනට පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් කුකුළු මස් මිල ඉහළ යාමේ අවදානමක් තිබුණද, එය රුපියල් 1,250ක සීමාව තුළ පවත්වාගෙන යාමට සැලසුම් කර ඇති බවයි.

තවද, ලෝක වෙළෙඳපොළේ සත්ත්ව ආහාර මිල ගණන් වේගයෙන් ඉහළ යමින් පවතින බවත්, එය දේශීය නිෂ්පාදන වියදම්වලට බලපාන ප්‍රධාන හේතුවක් ලෙසත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා,

” අප්‍රෙල් මාසේ වෙද්දී සියලුම ගොවිපොළවල් උපරිම ධාරිතාවයෙන් නිෂ්පාදන කටයුතු සිදු කරනවා.. හිඟයකින් තොරව මස් හා බිත්තර ලබා දෙන්න තමා අපේ උත්සාහය තිබ්බේ. නමුත් රටේ උද්ගත වෙලා තියෙන තත්ත්වය නිසා පවතින ඉන්ධන හිඟය නිසා ප්‍රවාහන වි‍යදම් අධික වෙලා තියෙනවා. ඒකේ පිරිවැය අපිට දරන්න වෙනවා.. එතකොට කුකුල් මස්වලට අධික ඉල්ලුමක් ආවොත් ඒ ප්‍රමාණය දෙන්න පුලුවන් ද කියන එක මත මිල උච්චාවචනය වෙනවා.. වෙළෙඳපොල තමා මිල තීරණය කරන්නේ අපි නෙමෙයි.. අපි බලාපොරොත්තු වෙනවා හිඟයකින් තොරව සැපයුම ලබා දෙන්න මොකද හිඟයක් ඇති වුණොත් ඒ තත්ත්වය ඇති වෙන්න පුලුවන්.. හදිසියේ ඩීසල් නැති වුණොත් ප්‍රවාහනය නැති වුණොත් ඉදිරිය කියන්න බෑ අපිට”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button