
රැප් ගායක බාලේන්ද්‍ර ෂා නේපාලයේ අගමැති වෙයි – Gen Z විරෝධයෙන් පසු විශාල ජයග්‍රහණයක්
රැප් ගායකයෙකු ලෙස ජනප්‍රියත්වයට පැමිණ පසුව දේශපාලනයට පිවිසි බාලේන්ද්‍ර ෂා අද (27) නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇත.
35 හැවිරිදි ඔහු කත්මණ්ඩු නගරයේ හිටපු නගරාධිපතිවරයෙකු වන අතර, දශක කිහිපයකින් පසු නේපාලයේ පත්වූ ලාබාලතම අග්‍රාමාත්‍යවරයා ලෙසද සැලකේ.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිදුවූ “Gen Z” දූෂණ විරෝධී උද්ඝෝෂණයන්ෙන් පසුව පැවැත්වූ පළමු මහ මැතිවරණයෙන් ඔහු නායකත්වය දරන තෙවසරක් පැරණි රාෂ්ට්‍රිය ස්වාතන්ත්‍ර පක්ෂය විශාල ජයග්‍රහණයක් ලබාගෙන ඇත. එම පක්ෂය ආසන 275කින් සමන්විත පාර්ලිමේන්තුවේ ආසන 182ක් දිනා ගැනීමට සමත් විය.
එම උද්ඝෝෂණ සමයේ පුද්ගලයන් 76 දෙනෙකු ජීවිත අහිමි වීමත් සමඟ රට තුළ දේශපාලනික වෙනස්කම් සඳහා දැඩි පීඩනයක් ඇතිවූ අතර, එය මෙම මැතිවරණ ප්‍රතිඵලයට බලපෑ බවද සැලකේ.
ජනාධිපති කාර්යාලය වන ශීතාල් නිවාස් හි දිවුරුම් දීමේ උත්සවයට ශංඛනාද් (හංකු පිඹීම) ඇතුළත් වී ඇති බවත්. ඊට අමතරව, බටුක්වරුන් 108 දෙනෙකු විසින් ස්වස්තිෂාන්ති පාරායනය සිදු කරනු ලැබූ අතර, බෞද්ධ භික්ෂූන් 16 දෙනෙකු අෂ්ටමංගල සජ්ඣායනා පවත්වා ඇති බව ආර්එස්පී පවසයි.
අද පැවති උත්සවයේදී රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉදිරියේ, ජනාධිපති මන්දිරයේදී බාලේන්ද්‍ර ෂා නිල වශයෙන් දිවුරුම් දී ඇත.



