
ඇඟලුම් අපනයන ආදායම 7.4%කින් පහළට
ශ්රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම 2026 අගෝස්තු මාසයේදී පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 7.4කින් පහළ ගොස් තිබේ.
ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කළ අපනයන දත්ත අනුව, 2025 අගෝස්තු මාසයේදී ඇඟලුම් අපනයනයෙන් ලැබූ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 469.6ක් ලෙස සටහන් වී තිබූ අතර, 2026 අගෝස්තු මාසයේදී එය ඩොලර් මිලියන 434.8ක් දක්වා අඩුවී ඇත.
මේ අතර, 2026 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ ඇඟලුම් අපනයන ආදායම ඩොලර් මිලියන 3,108.3ක් වී තිබේ.
එම කාලසීමාවේ 2025 වසරේ වාර්තා වූ ආදායම ඩොලර් මිලියන 3,318.1ක් වූ බැවින්, මේ වසරේ මුල් මාස අට තුළ ඇඟලුම් අපනයන ආදායම සියයට 6.3කින් පමණ පහත වැටී ඇත.
තවද, රෙදිපිළි සහ ඇඟලුම් අපනයන ආදායමද 2026 අගෝස්තු මාසයේදී සියයට 8.4කින් අඩු වී ඇති අතර, ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ එහි පහත වැටීම සියයට 6.7ක් ලෙස වාර්තා වී තිබේ.
මෙම දත්ත අනුව, ශ්රී ලංකාවේ ප්රධාන විදේශ විනිමය උපයන කර්මාන්තයක් වන ඇඟලුම් ක්ෂේත්රය මේ වසරේ මේ දක්වා අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දී ඇති බව පෙනී යයි.




