
මත්ද්‍රව්‍ය වැටලීම්වලින් ළමුන් හා තරුණයින් 9,105ක් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය වැටලීම්වලින් ළමුන් හා තරුණයින් 9,105ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
2025 ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා දිවයින පුරා සිදුකළ විවිධ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී වයස අවුරුදු 8ත් 21ත් අතර පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යු. වුට්ලර් මහතා සඳහන් කළේ, අත්අඩංගුවට ගත් පිරිස අතර වයස අවුරුදු 8ත් 14ත් අතර කුඩා දරුවන් ද සිටීම කණගාටුවට කරුණක් බවයි.
“ලෝක ලමා දිනය අපි සමරපු මොහොතේ ඉතාම කණගාටුවෙන් වුණත් කියන්නට අවශ්‍යයි 2025 ඔක්තෝබර් 30 සිට මේ පෙර දින දක්වා අපිට වයස අවුරුදු 8ත් 21ත් අතර ළමුන් සහ තරුණයින් 9,105 දෙනෙක් විවිධ වූ මත්ද්‍රව්‍ය හේතූන් නිසා අත්අඩංගුවට ගැනීමට සිදුව තිබෙනවා. ඒ් වගේම තමයි මේ ළමුන් අතරින් පිරිමි ළමුන් 8, 932ක් පොලිස් භාරයට ගන්නට සිදු වෙලා තියෙනවා. තරුණ දියණියෝ 173ක් අත්අඩංගුවට ගැනීමට සිදුව තියෙනවා ඒ් වගේම වසය අවුරුදු 8ත් 14ත් අතර පුංචි පැටව් 11 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වෙලා තියනවා”
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වන ළමුන් සහ තරුණ පිරිස පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.



