ප්‍රධාන පුවත්

අගරු චෙක්පත් දී කෝටි 16ක වංචාවක් – හිටපු එජාප මන්ත්‍රීනිය රිමාන්ඩ්

හිටපු එජාප මන්ත්‍රීනිය මුදල් වංචාව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට අදාළව හොරණ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නාගරික මන්ත්‍රීනි රේනුකා දමයන්ති වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විමර්ශනවලට අනුව, පිටකොටුවේ රෙදිපිළි ව්‍යාපාරිකයන් හයදෙනෙකු රවටමින් අගරු චෙක්පත් ලබාදී රුපියල් කෝටි 16කට ආසන්න මුදලක් වංචා කළ බවට ඇයට චෝදනා එල්ල වී ඇත.

වාර්තා වන ආකාරයට, සැකකාරිය කලක සිට අදාළ ව්‍යාපාරිකයන් මඟහැර සිට ඇති අතර, ඊයේ (18) ඇය සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ සිටින බවට ලද තොරතුරක් මත ව්‍යාපාරිකයන් එහි ගොස් ඇත.

එහිදී දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර, මිරිහාන පොලීසිය මැදිහත් වී අදාළ පිරිස පොලිස් භාරයට ගෙන ඇත. ඉන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී ව්‍යාපාරිකයන් විසින් සැකකාරියට එරෙහි පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ඇය වත්තල පොලීසිය වෙත භාරදී ඇති අතර, අද (19) වත්තල වැඩබලන මහේස්ත්‍රාත් මෙරිල් බොතේජු මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 21 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button