
ප්‍රධාන පුවත්
කුඩා ගඟ අවට ප්‍රදේශවල සුළු ගංවතුර අවදානමක්
කළු ගඟ ද්‍රෝණියේ කුඩා ගඟ උප ද්‍රෝණිය ආශ්රිත ප්‍රදේශ කිහිපයක මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ හා මගුර ගඟේ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවල පදිංචිකරුවන් අවධානයෙන් කටයුතු කළ යුතු බවය.
කෙසේවෙතත්, දැනට වාර්තා වන වර්ෂාපතන දත්ත සහ පවතින කාලගුණික තත්ත්වයන් අනුව ඉදිරි පැය කිහිපය තුළ ගංගාවල ජල මට්ටම් සැලකිය යුතු ලෙස හෝ වේගයෙන් ඉහළ යාමේ අවදානමක් නොමැති බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.



