සෞඛ්‍යය

ඩෙංගු මරණ 75යි – රෝගීන් 98,616ක්

ඩෙංගු මරණ 75යි මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති අතර, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත අනුව සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 98,616ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් 52.62%ක් බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති අතර, දෙවැනි වැඩිම රෝගීන් සංඛ්‍යාව දකුණු පළාතෙන් වාර්තා වී තිබේ. එම සංඛ්‍යාව 14,209කි.

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ඩෙංගු රෝගීන් ගණන ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එය 20,917කි. කොළඹින් රෝගීන් 19,435ක් සහ මහනුවරින් 7,410ක් ලෙස වාර්තා වී ඇත.

මේ අතර ඩෙංගු රෝගීන්ගේ මරණ අනුපාතය 0.076%ක් ලෙස සටහන් වී තිබේ.

මාසික දත්ත අනුව ජූලි මාසයේදී වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇති අතර, එය 29,964කි. ජූනි මාසයේදී රෝගීන් 21,533ක් වාර්තා වී තිබේ.

අගෝස්තු මාසයේදී ඩෙංගු රෝගීන් 10,155ක් හඳුනාගෙන ඇති අතර, සැප්තැම්බර් මාසයේ මේ දක්වා රෝගීන් 3,125ක් වාර්තා වී තිබේ.

තවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 34ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.

මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කරමින් පරිසරය පිරිසිදුව තබා ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button