
කාලගුණය
අද කාලගුණ තත්ත්වය – වැසි තත්වයේ අඩුවක්
අද කාලගුණ තත්ත්වය අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික ස්වභාවයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෙසේ වෙතත්, බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට තද සුළං තත්ත්වයක් ඇතිවිය හැකිය.
එම ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.



