
මුදල් සැපයුම රු. ට්‍රිලියන 2.1කින් ඉහළට – කීර්ති තෙන්නකෝන්
ශ්‍රී ලංකා මහ බැංකුවේ පුළුල් ඒකාබද්ධ මුදල් සැපයුම (M2b) පසුගිය මාස 15ක කාලය තුළ රුපියල් ට්‍රිලියන 2.1කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අනාවරණය කර තිබේ.
එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා අද (24) නිකුත් කළ නිවේදනයක සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කළ සතිපතා ආර්ථික දර්ශක දත්ත විශ්ලේෂණය කිරීමෙන් මෙම තොරතුරු හෙළි වූ බවයි.
නිවේදනයට අනුව, 2025 ජනවාරි මාසයේදී රුපියල් බිලියන 14,439.1ක්ව පැවති පුළුල් මුදල් සැපයුම, 2026 මාර්තු වනවිට රුපියල් බිලියන 16,585.7ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අනුව මාස 15ක කාලසීමාව තුළ මුදල් සැපයුම රුපියල් බිලියන 2,146.1කින් වර්ධනය වී ඇති අතර, එය තාක්ෂණික වශයෙන් “මුදල් අච්චු ගැසීම” ලෙස හැඳින්විය හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.
තවද, පසුගිය මාස 17 තුළ සංසරණයේ පැවති ව්‍යවහාර මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 303,956කින් ඉහළ ගොස් ඇති බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පෙන්වා දෙයි.



