කාලගුණය

මි.මී. 75 ඉක්මවූ තද වැසි ගැන අනතුරු ඇඟවීමක්

මි.මී. 75 ඉක්මවූ තද වැසි

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලට අද පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මි.මී. 75 ඉක්මවූ තද වැසි

ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලටද පස්වරු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව දැනුම් දී තිබේ.

බස්නාහිර සහ දකුණටත් වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ප්‍රදේශවලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අකුණු සහ තද සුළං පිළිබඳ අවධානය

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ජනතාවට දැනුම් දී තිබේ.

අකුණු සහ තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button