කාලගුණය

මි.මී. 50ට වැඩි තද වැසි ගැන දැනුම්දීමක්

අද (18) දිනයේ මි.මී. 50ට වැඩි තද වැසි ඇතිවිය හැකි ප්‍රදේශ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් නිකුත් කර තිබේ.

ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විශේෂයෙන් ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ඉක්මවූ තරමක තද වැසි ඇතිවීමේ හැකියාව පවතී.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, ඌව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව දැනුම් දී ඇත.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button