
දෙනියායේ උණ තත්ත්වය ගැන විශේෂ වෛද්‍ය කණ්ඩායමක්
දෙනියාය ප්‍රදේශයේ පාසල් දරුවන් අතර වේගයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයට අයත් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් එම ප්‍රදේශයට පැමිණීමට නියමිත බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ සුමිත් මනතුංග මහතා ප්‍රකාශ කළේය.
රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව දෙනියාය කලාපයේ පාසල් 4ක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව දෙනියාය මධ්‍ය විද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය සහ පල්ලෙගම සිද්ධාර්ථ විද්‍යාලය ඊයේ (07) සහ අද (08) දිනය සඳහා වසා තැබීමට කටයුතු කර ඇත.
මෙම පාසල්වල සිසුන් සහ ගුරුවරුන් අතර උණ රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම සැලකිල්ලට ගනිමින් අදාළ තීරණය ගෙන ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, පවතින තත්ත්වය මෙතෙක් වසංගත මට්ටමකට වර්ධනය වී නොමැති බවද සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
ඉදිරි දිනවල පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් සහ තත්ත්වය පිළිබඳ නිරීක්ෂණ අනුව බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් එන්.කේ.ආර්. පතිරණ මහතා සඳහන් කළේය.



