
මැදපෙරදිග ගැටුම් උණුසුම් වෙද්දී බොරතෙල් මිලත් ඉහළට
අමෙරිකාව සහ ඉරානය අතර යළිත් යුද ගැටුම් ඇතිවීමත් සමඟ ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.
ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල මේ වනවිට අමෙරිකානු ඩොලර් 85.54ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2.57%ක වර්ධනයකි.
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90.60ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එහි වැඩිවීම 2.84%ක් ලෙස දැක්වේ.
මර්බන් බොරතෙල් මිලත් ඉහළට
මේ අතර මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද අමෙරිකානු ඩොලර් 95.75ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මර්බන් බොරතෙල් මිලෙහි වර්ධනය 4.04%ක් වන අතර, මැදපෙරදිග කලාපයේ පවතින නවතම යුද තත්ත්වය හේතුවෙන් වෙළෙඳපොළ තුළ සැලකිය යුතු බලපෑමක් ඇතිවී තිබේ.
අමෙරිකානු සහ ඉරාන ප්‍රහාර
පසුගිය ජූලි මාසයෙන් පසුව පළමු වරට අමෙරිකාව විසින් ඉරානයට අයත් ලාරක් දූපත වෙත ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානය විසින් ජෝර්දානයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු දෙකක් ඉලක්ක කර බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව සඳහන් වේ.
මෙලෙස අමෙරිකාව සහ ඉරානය අතර යළි උත්සන්න වී ඇති ගැටුම් හමුවේ ලෝක වෙළෙඳපොළේ සැපයුම් පිළිබඳ අවදානම් ඉහළ යාමත් සමඟ බොරතෙල් මිල ගණන් ද ඉහළ ගොස් තිබේ.



