ප්‍රධාන පුවත්

ජාතික ඛනිජ ප්‍රතිපත්තිය 2026 ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

‘ජාතික ඛනිජ ප්‍රතිපත්තිය – 2026’ ක්‍රියාත්මක කිරීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

මෙම ප්‍රතිපත්තිය, 2023 වර්ෂයේදී සංශෝධනය කරනු ලැබූ ජාතික ඛනිජ ප්‍රතිපත්තිය මූලික කරගෙන, වර්තමාන රජයේ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ‘තිරසර සම්පත් භාවිතාවක් – උපරිම ප්‍රතිලාභ ජනනයක්’ යන තේමාවට අනුකූලව නැවත යාවත්කාලීන කර ඇති බව සඳහන් වේ.

ජාතික ඛනිජ ප්‍රතිපත්තිය මුල් වරට සකස් කරනු ලැබ ඇත්තේ 1999 වර්ෂයේදීය.

පසුව, ඛනිජ සම්පත් පිළිබඳ යාවත්කාලීන දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීම, ඛනිජ අපනයනයේදී අගය එකතු කිරීම, ඛනිජ ආශ්‍රිත කර්මාන්තකරුවන් දිරිගැන්වීම, ඛනිජ සම්පත් නිස්සාරණය සහ පරිසරය තිරසර ලෙස කළමනාකරණය කිරීම මෙන්ම, ඛනිජ සම්පත් නිස්සාරණය අතරතුර මතුවන ඉඩම් අයිතිය සම්බන්ධ ගැටලු විසඳීම ඇතුළු කරුණු ආවරණය කරමින් 2023 වර්ෂයේදී එම ප්‍රතිපත්තිය සංශෝධනය කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button