
ගත වූ පැය 24 තුළ රිය අනතුරු රැසකින් 6 දෙනෙකු මරුට
ගත වූ පැය 24 තුළ රිය අනතුරු කිහිපයක් හේතුවෙන් දිවයිනේ ප්රදේශ රැසක පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
වැඩිම ජීවිත හානිය වාර්තා වූයේ මාතර – තංගල්ල මාර්ගයේ රස්සන්දෙනිය ප්රදේශයේදීය. මාතර සිට දෙවිනුවර දෙසට ධාවනය වූ ඩිෆෙන්ඩර් රථයක් ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. එහිදී ඩිෆෙන්ඩර් රථයේ ගමන්ගත් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ අතර, ඉන් වයස අවුරුදු 33 සහ 36 වූ මාතර ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු මියගොස් ඇත. සිද්ධියට අදාළව ලොරි රථයේ සහ ඩිෆෙන්ඩර් රථයේ රියැදුරන් අත්අඩංගුවට ගෙන තිබේ.
බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී අලුත්ගම සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් 34 හැවිරිදි පිළියන්දල ප්රදේශයේ පදිංචිකරුවෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබේ.
එරාවූර් ප්රදේශයේදී ලොරි රථයක් පාපැදියක ගැටීමෙන් 31 හැවිරිදි කලවායි ප්රදේශයේ පදිංචිකරුවෙකු මියගොස් ඇති අතර, අනතුරෙන් පසු පලාගිය ලොරි රථයේ රියැදුරා පසුව අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර මහරගම හයිලෙවල් මාර්ගයේ රෝලන්ස් හන්දිය ආසන්නයේදී යතුරුපැදියක් සහ බස් රථයක් ගැටීමෙන් 62 හැවිරිදි හොරණ ප්රදේශයේ පදිංචිකරුවෙකු මියගොස් ඇති අතර, බස් රථයේ රියැදුරා පොලිස් භාරයට ගෙන තිබේ.
එසේම කුලියාපිටිය – හෙට්ටිපොල මාර්ගයේ කුඹුරාපොල ප්රදේශයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් සිදු වූ අනතුරකදී 29 හැවිරිදි කුරුවිට ප්රදේශයේ පදිංචිකරුවෙකු මියගොස් තිබේ.
සිද්ධීන් සම්බන්ධයෙන් මාතර, බම්බලපිටිය, එරාවූර්, මහරගම සහ කුලියාපිටිය පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදු කරයි.



