
විදෙස්
අමෙරිකාව සහ ඉරානය අතර නව වටයේ සාකච්ඡා හෙට දෝහාහිදී
ගැටුම්කාරී තත්ත්වය සමනය කරමින් යළි රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කිරීමට අමෙරිකාව සහ ඉරානය එකඟතාවකට පැමිණ තිබේ.

ඒ අනුව දෙරටේ නියෝජිතයන් හෙට (30) කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී හමුවීමට නියමිත බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ප්‍රකාශ කර ඇත.
මෙම සාකච්ඡාවේදී හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ප්‍රවාහනයේ ආරක්ෂාව මෙන්ම දෙරට අතර ඇති කරගත හැකි අවබෝධතා ගිවිසුමක් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මේ අතර, ඉදිරි දින 30ක කාලය තුළද හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය යටතේ පවත්වාගෙන යන බව එරට විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.




