ප්‍රධාන පුවත්

ඩීසල් MT. 37000ක් රැගත් නෞකාවක් 25 දිවයිනට – නලින්ද ජයතිස්ස

මෙරට ඉන්දන සැපයුම හිඟයකින් තොරව පවත්වාගෙන යාමේ අරමුනින් තවත් ඉන්ධන තොගයක් රැගත් නෞකාවක් මෙම මස 25 වනදා දිවයිනට ළඟාවීමට නියමිත බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි 

ඒ අනූව අදාල නෞකාවේ ඩීසල් මෙ.ටො. 37,000කින් සමන්විත බව වාර්තා වේ.

 

දිනෙන් දින ඉන්ධන මිල ඉහළ යෑම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති සාකච්ඡාවේදී ඔහු මේ බව පැවසීය.

 

“මාර්තු 7,8 දිනවල පෙට්‍රල් මෙ.ටො. 37,000ක නැවක් ලංකාවට ගෙන්වා ගත්තා. ලෝක වෙළෙඳපොලේ මිල ගණනන් වැඩිවීම මේකට ඇතුළත් වෙලා තියෙනවා.

ඒ වගේම මාර්තු 25වනදා ඩීසල් මෙ.ටො. 37,000ක නැවක් පැමිණීමට නියමිතයි”

 යැයි පැවසීය.

 

තවදුරටත් එතුමන් කරුතු දක්වා මාර්තු 17 වෙනිදා යොමුකළ ටෙන්ඩරයට අනුව මෙරටට ගෙන්වා ගැනීමට නියමිත ඉන්ධන ප්‍රමාණයන් පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය.

 

අප්‍රේල් 6,7,8 – ඩීසල් මෙක්ට්‍රින් ටොන් 37,000ක නැව් දෙකක්
අප්‍රේල් 12 සහ 13 – දැවි තෙල් මෙක්ට්‍රින් ටොන් 30,000ක්
අප්‍රේල් 10 සහ 11 – ජෙට් A1 මෙක්ට්‍රින් ටොන් 35,000
අප්‍රේල් 16 සහ 17 – පෙට්‍රල් මෙක්ට්‍රින් ටොන් 30,000ක්

අප්‍රේල් මාසයට නියමිත මෙක්ට්‍රින් ටොන් 30,000 බොරතෙල් නැව පැමිණෙන්නේ නැති අතර, ඒ වෙනුවට ජූනි මාසයේ දී මෙක්ට්‍රින් ටොන් 30,000ක බොරතෙල් නෞකාවක් පැමිණීමට නියමිතයි.

 

පසුගියදා සිදුකළ ඉන්ධන මිල වැඩිකිරීම තුළ ඩීසල් ලීටරයකට රු 100ක් සහ පෙට්‍රල් ලීටරයක් සඳහා රු 20ක් රජය විසින් දරාගෙන ඇති බවත්, ඒ සඳහා මාසයකට රුපියල් බිලියන 20ක් රජය දරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

 

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, 

“යුද්ධය ගැන කිසිවෙකුට පුරෝකථනය කළ නොහැකියි. ඇමෙරිකාවට, ඊශ්‍රායලයට, ඉරානයට හෝ තදාසන්න රටවලට යුද්ධය අවසන් වෙන්නේ සතියකින්ද දෙකකින්ද කියන්න පුළුවන් කමක් නෑ. අපේ අපේක්ෂාව යුද්ධය හැකි ඉක්මනින් අවසන් වේවා යන්නයි. යුද්ධය හෙට අවසන් වුවත් විශේෂයෙන් ආර්ථිකයට, තෙල් නිෂ්පාදනයට, යටිතල පහසුකම්වලට එල්ල වෙලා තියෙන බලපෑම අනුව, අපේ ආර්ථිකයට යුද්ධයෙන් වෙන බලපෑම එක රැයෙන් එක මොහොතින් අවසන් වෙන්නේ නෑ. එය අප මතක තබා ගතයුතුයි.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button