ප්‍රධාන පුවත්

ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයින් 3,089ක් නවාතැන් අරන්

ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයින් 3,089 දෙනෙකු 2025 වසර තුළ නවාතැන් ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.

වාර්තාවට අනුව, එම වසර තුළ ජනාධිපතිවරයා විසින් රට පුරා පිහිටි ජනාධිපති මන්දිරවල බොහෝමයක නවාතැන් ගෙන නොතිබුණද, විවිධ පුද්ගලයින් දහස් ගණනක් එම මන්දිර භාවිත කර ඇත. එම කාලසීමාව තුළ එහි පවත්වා ඇත්තේ රැස්වීම් තුනක් පමණක් බවද සඳහන් වේ.

කොළඹ කොටුව, මහනුවර, අනුරාධපුර, කතරගම, මහියංගනය, නුවරඑළිය සහ බෙන්තොට පිහිටි ජනාධිපති මන්දිර හතේ විදුලිය, දුරකථන සහ අනෙකුත් පහසුකම් සඳහා 2025 වසරේදී රුපියල් 32,982,675ක මුදලක් වැය කර තිබේ.

එමෙන්ම කතරගම, මහියංගනය සහ බෙන්තොට ජනාධිපති මන්දිරවල 2025 වසර පුරා කිසිදු රැස්වීමක් හෝ නවාතැන් ගැනීමක් වාර්තා වී නොතිබුණද, එම මන්දිර තුනේ විදුලිය, දුරකථන සහ අනෙකුත් නඩත්තු වියදම් සඳහා පමණක් රුපියල් 2,447,754ක් වැය කර ඇති බවද ජාතික විගණන කාර්යාලයේ වාර්තාවෙන් අනාවරණය වී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button