කාලගුණය

ප්‍රබල අකුණු ගැන පළාත් කිහිපයකට අනතුරු ඇඟවීමක්

ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි අවදානමක් පවතින ප්‍රදේශ කිහිපයක් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (13) පෙරවරු 10.00ට නිකුත් කළ මෙම නිවේදනය පෙරවරු 11.30 දක්වා බලපැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව නැගෙනහිර, ඌව, උතුරු මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලට මෙන්ම වවුනියාව, මන්නාරම, මුලතිව් සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට අකුණු අනතුරු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව දැනුම් දී ඇත.

එම ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බැවින්, අකුණු සහ තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button