
ප්‍රධාන පුවත්
කස්සප හිමි යළි සත්‍යග්‍රහයට එක්වෙයි
කස්සප හිමි යළි සත්‍යග්‍රහයට එක්වීමේ පුවතක් කොළඹ විහාරමහාදේවී උද්‍යානයෙන් වාර්තා වේ. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස බලකරමින් පැවැත්වෙන සත්‍යග්‍රහයට සහභාගි වී සිටියදී රෝහල්ගත කළ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් මෙලෙස නැවත එම ස්ථානයට පැමිණ තිබේ.
සත්‍යග්‍රහයේ නිරතව සිටි උන්වහන්සේ ඊයේ (17) රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි.
එම සත්‍යග්‍රහය අතරතුර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් කස්සප හිමියන් රෝහල්ගත කළ බව සඳහන් වේ.



