
Tech
චීනයේ ‘Lijian-1 Y12’ රොකට්ටුවෙන් චන්ද්‍රිකා 8ක් සාර්ථකව අභ්‍යවකාශයට
චීනය විසින් ‘Lijian-1 Y12’ නාමක රොකට්ටුව භාවිත කරමින් චන්ද්‍රිකා 8ක් අද (14) සාර්ථකව අභ්‍යවකාශයට යවා ඇත.
මෙම රොකට්ටුව වයඹදිග චීනයේ පිහිටි ඩොන්ග්ෆෙන්ග් (Dongfeng) වාණිජ අභ්‍යවකාශ නවෝත්පාදන නියමු කලාපයෙන් බීජිං වේලාවෙන් පස්වරු 12:03ට ගුවන්ගත කර තිබේ.
රොකට්ටුව මඟින් රැගෙන ගිය සියලු චන්ද්‍රිකා අටම සැලසුම් කළ කක්ෂයන් වෙත සාර්ථකව ස්ථානගත කිරීමට හැකි වූ බව චීන බලධාරීන් තහවුරු කර ඇති අතර, එම තොරතුරු එරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



