
තිස්සමහාරාමයේ පාසල් ප්‍රවාහන රථ හදිසි පරීක්ෂාවකදී 26ක් ධාවනයට නුසුදුසු ලෙස හඳුනාගැනේ
තිස්සමහාරාම නගරයට පාසල් දරුවන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ ඉලක්ක කරගෙන හදිසි පරීක්ෂාවක් ක්‍රියාත්මක කළ බව ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කරයි.
එහිදී රථවාහන 29ක් සම්පූර්ණ පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඒ අතරින් බස් රථ 23ක් සහ වෑන් රථ 3ක් ධාවනයට නුසුදුසු තත්ත්වයේ පවතින බව අනාවරණය වී තිබේ. ඒ අනුව අදාළ රථ සඳහා තහනම් නියෝග නිකුත් කර ඇති බවද වාර්තා වේ.
මෙම විශේෂ පරීක්ෂාව දෙබරවැව ජනාධිපති විද්‍යාලය ඉදිරිපිටදී සිදුකර ඇති අතර, රථ වාහන පරීක්ෂකවරුන් ද එයට එක්ව සිටි බව පොලීසිය පවසයි.
තවද, ධාවනයට නුසුදුසු ලෙස හඳුනාගත් රථ වාහන නැවත ධාවනයට එක් කිරීම සඳහා අවශ්‍ය අලුත්වැඩියා කටයුතු සිදුකර, රථ වාහන පරීක්ෂකවරයෙකුගේ නැවත පරීක්ෂාවකින් සමත් වීම අනිවාර්ය වන බවද පොලීසිය වැඩිදුරටත් අවධාරණය කරයි.
පාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණ කරගනිමින් මෙවැනි හදිසි පරීක්ෂාවන් ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.



