
ව්‍යාජ වාහන ලියාපදිංචියකට සැකපිට RMV නිලධාරීන් පිරිස රිමාන්ඩ්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහ දැනට සේවය කරන නිලධාරීන් සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව අධිකරණයට දැනුම්දීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඔවුන් ලබන 20 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කර ඇත.
ව්‍යාජ ආකාරයෙන් මෝටර් රථ ලියාපදිංචි කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයක් මත මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර හිටපු සහකාර අධ්‍යක්ෂවරයෙකු, හිටපු දෙපාර්තමේන්තු ලිපිකරුවෙකු, විමර්ශන හා සංවර්ධන සහකාරවරයෙකු සහ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරයෙකුද ඇතුළත් බව සඳහන් වේ.
ඔවුන්ට එල්ලව ඇති චෝදනා අනුව, රේගු නිෂ්කාශනයකින් තොරව (රේගු බදු නොගෙවා) මෙරටට ආනයනය කරන ලද වාහන 4ක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම සිදුකර ඇති බව කියවේ.
ඒ සමඟම එම වාහන සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළත් කර, අනීතික පැවරීම් හරහා ලියාපදිංචි කිරීමටද ඔවුන් කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.
තවද, මෝටර් රථයක වර්ණය වෙනස් කිරීම සම්බන්ධයෙන් කූට ලේඛනයක් බව දැනුවත්වම එය භාරගෙන කවුළු අංක නිකුත් කිරීමද, මෝටර් රථයක බර පිළිබඳ සහතික ඉල්ලීම් පෝරමයක් නොමැතිව කූට ලේඛන සමඟ ඉදිරිපත් කළ පැවරීමකට අනුමැතිය ලබාදීමද ඔවුන්ට එල්ලව ඇති අනෙක් චෝදනා ලෙස සඳහන් වේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරමින් පවතී.



