
කාලගුණය
ප්‍රදේශ රැසකට සවස 1න් පසු වැසි
සවස 1න් පසු වැසි ඇතිවීමේ තත්ත්වයක් ප්‍රදේශ කිහිපයකට බලපාන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි අතර, ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි ඇතිවිය හැකිය.
එමෙන්ම වයඹ පළාතේ මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලද වැසි වාර කිහිපයක් ඇතිවීමට ඉඩ තිබේ.
ඌව සහ නැගෙනහිර පළාත්වලටත් මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලටත් පස්වරු 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.



