
කාලගුණය
ප්‍රදේශ රැසකට මි.මී.100 ඉක්මවූ තද වැසි අනතුරු ඇඟවීමක්
අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම සහ දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාව හේතුවෙන් අද (06) සිට ඉදිරි දින කිහිපය තුළ වැසි තත්ත්වය තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ අම්පාර දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේද වැසි අපේක්ෂා කෙරේ.
සබරගමුව, මධ්‍යම, ඌව පළාත් සහ අම්පාර, මඩකලපුව, ගාල්ල, මාතර, පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව නිවේදනයේ දැක්වේ.
එමෙන්ම මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල අළුයම් කාලයේ මීදුම් තත්ත්ව ද ඇතිවිය හැකි අතර ගිගුරුම්, අකුණු සහ තාවකාලික තද සුළං පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ජනතාවට දැනුම්දී ඇත.



