
ප්‍රදේශ රැසකට අද තද වැසි අනතුරු ඇඟවීම්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද පස්වරු 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විශේෂයෙන් සබරගමුව පළාත සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බව සඳහන්ය.
දකුණු පළාතේත් කොළඹ හා කළුතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදී ද වැසි තත්ත්වයක් පවතිනු ඇති බව වාර්තා වෙයි.
තවද මධ්‍යම, සබරගමුව, ඌව පළාත් සහ අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයන් ද ඇතිවිය හැකි බව කාලගුණ අංශය පෙන්වා දෙයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු හා තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ජනතාවට උපදෙස් ලබාදී තිබේ.



