ප්‍රධාන පුවත්

කාලගුණික විපර්යාසවලට මුහුණදීමට නව සැලසුමක් අවශ්‍යයි

කාලගුණික විපර්යාස හමුවේ ඇතිවිය හැකි දරුණුතම තත්ත්වයන්ට පවා සාර්ථකව මුහුණදිය හැකි පරිදි රටේ සූදානම ශක්තිමත් කිරීම සඳහා සැලසුමක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දේශගුණික හදිසි තත්ත්වයන් සම්බන්ධයෙන් ඵලදායී ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් පැවැති දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයට ඊයේ (26) එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම මහතාගේ සම සභාපතීත්වයෙන් මෙම පාර්ලිමේන්තු සංසදය පැවැත්විණි.

එම අවස්ථාවට මහාචාර්ය රත්නසිරි ප්‍රේමතිලක, එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කළ වාගීෂා පෙරේරා මහත්මිය, රොබට් ඔලිවර්, ආචාර්ය බුද්ධික හපුආරච්චි, උවින්සන් ඥානතීපන්, ආචාර්ය වීරකෝන් සහ නලින් මුණසිංහ ඇතුළු විශේෂඥයන් රැසක් එක්ව සිටියහ.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

“එල්නිනෝ ලානීනෝ එකඟතාවයන් තුළික් සිදුවිය හැකි බලපෑම් පිළිබඳව අපි රටක් හැටියට වඩාත් සුපරික්ෂාකාරීව උනන්දුවෙන් ඕනෑකමින් රටේ සූදානම නිර්මාණය විය යුතුයි කියන එක අපේ අදහස. මේ එල්නිනෝ ලානීනා තත්ත්වයන් තුළ කාලගුණික දේශගුණික තත්ත්වයන් හිටිහැටියේ වෙනස්වීම් විටෙක එක්තරා ප්‍රදේශයකට නියඟය ඒ නියඟය ක්‍රියාත්මක වෙන මොහොතේ වෙනත් ප්‍රදේශයකට මහවැසි”

විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයට අනුව, එල්නිනෝ සහ ලානීනා තත්ත්වයන් හේතුවෙන් කාලගුණික හා දේශගුණික තත්ත්වයන්හි හදිසි වෙනස්කම් ඇතිවිය හැකි බැවින් ඒ සඳහා රටක් ලෙස පෙර සූදානමක් පවත්වා ගැනීම අවධානයට ලක් කළ යුතු කරුණකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button