
ප්‍රධාන පුවත්
අවම මාසික ජීවන වියදම රු. 17,117 දක්වා ඉහළ යයි
මූලික ජීවන අවශ්‍යතා සපුරාලීම සඳහා එක් පුද්ගලයෙකුට මාසිකව වැය කළ යුතු අවම මුදල රුපියල් 17,117 දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
අප්‍රේල් මාසයට අදාළව නිකුත් කළ නිල දරිද්‍රතා රේඛා දත්ත අනුව, මෙම අගය මාර්තු මාසයේ වාර්තා වූ රුපියල් 16,690ට සාපේක්ෂව රුපියල් 427ක වැඩිවීමක් පෙන්නුම් කරයි.
නිල දරිද්‍රතා රේඛාව යනු පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය අවම මාසික වියදම ඇස්තමේන්තු කරන දර්ශකයකි.
අප්‍රේල් මාසයේදී එහි ඉහළම අගය රුපියල් 18,461ක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, අවම අගය රුපියල් 16,367ක් ලෙස මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.



