
ප්රධාන පුවත්
අනීතිකව ඉන්ධන ලීටර් 500ක් සන්තකයේ තබාගත් අයෙක් අත්අඩංගුවට
රට තුල පවතින ඉන්ධන හිඟය හමුවේ ඇතැමුන් කූට ලෙස ඉන්ධන ගබඩා කර ගනිමින් ලද අවස්ථාවෙන් ප්රයෝජන ගැනීමට ඒවා වැඩිමිලට අලෙවිකරණ ජාවාරම් රටේ විවිද ප්රදේශ වලින් අසන්නට ලැබේ.
එවන් පසුබිමක හම්බන්තොට, කටුවැව සල්මල්යාය ප්රදේශයෙන්ද ඉන්ධන ලීටර් 500කට ආසන්න තොගයක් රැස්කර තබාගෙන සිටි අයෙකු පිලිබද වාවාර්තාවේ එම පුද්ගලයා මේවනවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාල වැටලීම යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත සිදු කළ බව පොලීසිය සඳහන් කරයි.
එම අවස්ථාවේ එම නිවසේ සඟවා තිබී ඩීසල් ලීටර් 480කට වැඩි ප්රමාණයක් සහ පෙට්රල් ලීටර් 20කට ආසන්න ප්රමාණයක් සොයාගෙන ඇති බවට සඳහන් වේ.
අදාල ඉන්දන තොගය සඟවාගෙන සිටි සැකකරු සහ එම භාණ්ඩ හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.



