
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අද අවසන් ඡන්දය
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවැත්වෙන දෙවැනිවර කියවීමේ පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනය අද (25)ට යෙදී තිබේ.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් අද විවාදය අවසන් කිරීමෙන් අනතුරුව ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිත අතර, එය සවස 7.00ට පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඊයේ (24) ආරම්භ විය.
මේ අතර, අදාළ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය පසුගිය 22 වැනිදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබුණේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත්, එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සම්මත කළ හැකි බවත්ය.
එමෙන්ම අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බැවින් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවටද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.



