
ප්‍රධාන පුවත්
උද්ධමනය 2.2% දක්වා ඉහළට – මාර්තු මාසයේ බස්නාහිර නවතම සංඛ්‍යාලේඛන වාර්තාව
දිනෙන් දින සීග්‍රයෙන් ඉහල නගින බඩුමිල හමුවේ 2026 මාර්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ උද්ධමන අනුපාතය ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අද (31) දින ප්‍රකාශයට පත් කර තිබේ.
එම වාර්තාවට අනුව, 2026 මාර්තු මාසයේදී කොළඹ නාගරික ප්‍රජාවගේ වාර්ෂික උද්ධමන අනුපාතය සියයට 2.2ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙය පෙබරවාරි මාසයේදී වාර්තා වූ 1.6%ට සාපේක්ෂව වැඩි වීමකි.
ආහාර කාණ්ඩයේ වාර්ෂික (ලක්ෂ්‍යමය) උද්ධමනයද මාර්තු මාසයේදී 0.7% දක්වා ඉහළ ගොස් ඇති අතර, පෙබරවාරි මාසයේදී එය 0.2%ක් ලෙස සටහන් වී තිබුණි.
ඒ සමගම, ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතයද 2.9% දක්වා වැඩි වී ඇති අතර, එය පෙබරවාරි මාසයේ 2.3%ක් ලෙස වාර්තා වී තිබේ.
මෙම සංඛ්‍යාලේඛන අනුව, කොළඹ නගරයේ භාණ්ඩ හා සේවා මිල ගණන් සාපේක්ෂව ඉහළ යමින් පවතින බව පැහැදිළි වේ.



