අද විශේෂ

නිකිණි පුර පසළොස්වක පොහොය

Nikini full moon poya day

නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට (27) යෙදී තිබේ. බුදු දහමේ ඉතා වැදගත් සිදුවීම් රැසක් සිහිපත් කරන මෙම පොහොය දිනය භික්ෂූන් වහන්සේ මෙන්ම සැදැහැවත් බෞද්ධ ජනතාව ද ආගමික වතාවත්වල නිරත වන විශේෂ දිනයක් ලෙස සැලකේ.

බුදුරජාණන් වහන්සේ විසින් රාහුල තෙරණුවන්ට රාහුලෝවාද සූත්‍රය දේශනා කර ඇත්තේ නිකිණි පොහොය දිනයක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ. එහිදී රාහුල තෙරණුවන් රහත්භාවයට පත්වූ බවද සඳහන් වේ.

පළමු ධර්ම සංගායනාව පැවැත්වීමත් නිකිණි පොහොය සමඟ බැඳේ

ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් පළමු ධර්ම සංගායනාව පැවැත්වූයේ ද නිකිණි පුර පසළොස්වක පොහොය දිනයක බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ. ඒ හේතුවෙන් මෙම පොහොය දිනය බෞද්ධ ජනතාවට ආගමික හා ඓතිහාසික වශයෙන් සුවිශේෂී වැදගත්කමක් දරයි.

නිකිණි පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ. සැදැහැවත් ජනතාව විහාරස්ථාන වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වෙමින් පොහොය දිනය සැමරීමට එක්වෙති.

නිකිණි පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් – මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ

මේ අතර මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව අද පස්වරු 6.43ට යෙදී ඇති සුබ නැකතට අනුව අවසන් රන්දෝලි පෙරහැර වීථි සංචාරය ආරම්භ කිරීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button