ප්‍රධාන පුවත්

තැපැල් දෙපාර්තමේන්තුවේ US Post ගෙවීමෙන් ඩොලර් ලක්ෂ 6ක් අතුරුදන් වූ බව හෙළිවෙයි

තැපැල් දෙපාර්තමේන්තුව විසින් විදෙස් ගෙවීමක් ලෙස සිදුකළ මුදලක් අදාළ පාර්ශ්වයට නොලැබීමක් පිළිබඳ සිද්ධියක් හෙළි වී තිබේ. මේ පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විශේෂ අනාවරණයක් සිදු කළේය.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා පැවැත්වූ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී මහා භාණ්ඩාගාරය විසින් ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් සිටියදී මෙම තොරතුර හෙළිදරව් විය.

අමාත්‍යවරයා අනාවරණය කළ පරිදි, තැපැල් දෙපාර්තමේන්තුව විසින් US Post වෙත ගෙවූ අමෙරිකානු ඩොලර් ලක්ෂ 6ක මුදලක් එම ආයතනයට ලැබී නොමැති බව සඳහන් වේ.

ඒ අනුව මේ සම්බන්ධවද මේ වන විට පරීක්ෂණයක් පැවැත්වෙනු ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය. 

“ආයතනවල සිදුවන එවැනි අක්‍රමිකතාවයන් හෝ දෝෂයන් සම්බන්ධව ආයතන මට්ටමින් කටයුතු කරගෙන යනවා. මුදල් අමාත්‍යාංශයත් එම කටයුත්තට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා. ඔය නිලධාරීන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් කිරීමට පෙරාතුවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හැටියට පැමිණිලි කරලා යම් ක්‍රියාමාර්ග ප්‍රමාණයක් අරගෙන තිබෙනවා. ඒවා සියල්ලම කැබිනට් මණ්ඩල තුළ සාකච්ඡා වෙන්නේ නෑ. ඕනේ නම් මම තව එකක් කියන්නම් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව හැටියට US පෝස්ට් එකට ගෙවපු ඩොලර් ලක්ෂ 6ක් පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඒවා ආයතන මට්ටමින් සිදුකරගත යුතු දේවල්. ඒක කෙසේද සිදුවුණේ කියලා පරීක්ෂණයක් කරගෙන යනවා මේකෙදි වෙලා තිබෙන්නේ US පෝස්ට් වෙත ගෙවීමට තිබූ ඩොලර් හයලක්ෂ විසිපන්දහසක් නොලැබීම සම්බන්ධයෙන් US Post එක පැත්තෙන්  කරුණු දැක්වීමක් කරලා තිබෙනවා. එය සිදුවුණු ආකාරය සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව පැත්තෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙන් විමර්ශනයක් දියත් කරමින් පවතින්නේ. අවස්ථා දෙකකදි සිදුවෙලා තිබෙනවා ඒ ගැන තමයි දැන් විමර්ශන පැවැත්වෙන්නේ”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button