
විභාග කේන්ද්‍රගත අධ්‍යාපනය ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ විභාග කේන්ද්‍රගත අධ්‍යාපනය වෙනුවට සිසුන්ගේ කුසලතා, නිර්මාණශීලීත්වය සහ ප්‍රායෝගික අත්දැකීම් වර්ධනය කළ හැකි ඉගෙනුම් ක්‍රමයක් ඇති කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
කොළඹදී ඊයේ (12) පැවති “250 Years of Educational Excellence: Lessons from a Sri Lankan American” මහජන දේශනයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
දැනට ක්‍රියාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ විභාග කේන්ද්‍රගත අධ්‍යාපනය මත පමණක් රඳා නොසිට ක්‍රියාකාරකම් සහ අත්දැකීම් මත පදනම් වූ ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රමයක් හඳුන්වාදීමට අවධානය යොමු කර ඇති බවද ඇය පැවසුවාය.
පවතින අධ්‍යාපන පද්ධතියේ සාර්ථක අංග ඉවත් කිරීම රජයේ අරමුණ නොවන බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, වර්තමාන සහ අනාගත අවශ්‍යතාවලට ගැළපෙන පරිදි එම පද්ධතිය නවීකරණය කිරීම ප්‍රතිසංස්කරණවල අරමුණ බව සඳහන් කළාය.
එමෙන්ම ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ දෙමාපියන්ගේ ඩිජිටල් සාක්ෂරතාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද ඇය පෙන්වා දුන්නාය.
අධ්‍යයනමය අධ්‍යාපනයට මෙන්ම වෘත්තීය අධ්‍යාපන මාර්ග සඳහාද සමාන පිළිගැනීමක් ලබාදීම වැදගත් බව පැවසූ අග්‍රාමාත්‍යවරිය, නවීන හා අනාගතයට සූදානම් අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීම සඳහා දේශීය හා ජාත්‍යන්තර විශේෂඥයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට රජය කැපවී සිටින බවද වැඩිදුරටත් සඳහන් කළාය.



