ප්‍රධාන පුවත්

අස්වැසුම මුදල් වංචාව ගැන හදිසි අනතුරු ඇඟවීමක්

අස්වැසුම මුදල් වංචාව සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රදේශ රැසකින් තොරතුරු වාර්තා වී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කර තිබේ.

අස්වැසුම මුදල් වංචාව සිදුවන ආකාරය

විවිධ දුරකථන අංක භාවිත කරමින් අස්වැසුම ප්‍රතිලාභීන් අමතා තමන් ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් බව පවසන පුද්ගලයන් පිරිසක් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි ලැබී ඇත.

ප්‍රතිලාභීන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීම, ගෙවීම් තහවුරු කිරීම හෝ වෙනත් පරිපාලන කටයුත්තක් සිදුකරන බව පවසමින් මුදල් ගෙවන ලෙස ඔවුන් ඉල්ලීම් කරන බව මණ්ඩලය සඳහන් කරයි.

කෙසේවෙතත්, එවැනි මුදල් ඉල්ලීම් කිසිවක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අනුදැනුමකින් සිදු නොවන බව අවධාරණය කර ඇත.

එබැවින් මෙවැනි දුරකථන ඇමතුම් ලැබුණහොත් කිසිදු මුදලක් ගෙවීමෙන් වැළකී අදාළ පොලිස් ස්ථානයට හෝ අපරාධ විමර්ශන අංශයට වහාම පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස ප්‍රතිලාභීන්ට දැනුම් දී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button