
වාහන අංක තහඩු මුද්‍රණය යළි ඇරඹේ
වසරකට වැඩි කාලයක් තිස්සේ අත්හිටුවා තිබූ වාහන අංක තහඩු මුද්‍රණ කටයුතු අද (08) සිට නැවත ආරම්භ කර තිබේ.
මෙම වැඩසටහන වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, ඒ සඳහා ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා එක්විය.
අංක තහඩු මුද්‍රණය නතරව තිබීමට හේතු වූයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ කටයුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
“වාහනවල අංක තහඩු මුද්‍රණය කිරීම ටික කාලයකට නතර වෙලා තිබ්බා. නතර වෙලා තිබ්බේ අපි කාලයක් තිස්සේ වාහනවල අංකතහඩු මුද්‍රණය කිරීම කොන්ත්‍රාත් සමාගම හරහා තමයි සිද්ධ කරන්නේ. එතකොට නියමිත ප්‍රසම්පාදන කටයුතු අනුව අපි ප්‍රසම්පාදන කටයුතු පටන් ගත්තා. අදාළ ආයතනය තෝරගෙන ඉවර වෙලා ප්‍රමිතියට අනුව, තාක්ෂණික ආයතයේ ඇගයීම් අනුව ඒ ආයතය හරහා මුද්‍රණ කටයුතු පටන් ගන්න දිනය දැම්මේ අද. අද ඒක පටන් ගත්තා. මේ වෙනකොට දළ වශයෙන් ගත්තොත් අංක තහඩු මුද්‍රණය නොකර වාහන ලක්ෂ හයක වගේ මුද්‍රණය කිරීමට එකතු වෙලා තියෙනවා.”
එමෙන්ම කොන්ත්‍රාත් සමාගමට මුල් අදියරේදී වාහන ලක්ෂ එකහමාරකට ආසන්න ප්‍රමාණයක අංක තහඩු මුද්‍රණය කිරීමේ වගකීම පැවරී ඇති බවද ඔහු සඳහන් කළේය.
“මේකෙන් අපි කොන්ත්‍රාත් පිරිනමපු දවසේ ඉදන් ගත්තොත් එහෙම ලක්ෂ එකහමාරක වගේ වාහන ප්‍රමාණයක් තියෙනවා. මුද්‍රණය කරන්න. ඒ ටික මුද්‍රණය කරන්න මේ කොන්ත්‍රාත් සමාගමට වගකීම තියනවා. ඉතුරුටික මුද්‍රණය කරන්නේ කොහොමද කියලා මේ සමාගම හරහාද කියලා හිතනවා. ඉදිරි කාලෙදි හිතනවා මේ ටික ක්ලියර් කරන්න පුළුවන් කියලා. දැනට දවසකට දළ වශයෙන් ලැබෙන සියලුම ඒවා මුද්‍රණය කරලා පිට කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපි පටන් ගෙන තියෙනවා යම් පුද්ගලයෙක් වාහනේ REGISTER කරලා අංක තහඩු දුන්නට පස්සේ එ පුද්ගලයාගේ ජංගම දුරකතනයට පණිවුඩයක් යනවා මෙතනින් මුද්‍රණය කරලා එලියට ගියා කියලා.”
නව ක්‍රමවේදය යටතේ වාහනයක් ලියාපදිංචි කළ පසු එහි අංක තහඩුව මුද්‍රණය කර නිකුත් කළ බවට අදාළ හිමිකරුගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් ද යොමු කිරීමට පියවර ගෙන ඇත.



