
ව්‍යාපාරික
මෙරට රන් මිල රුපියල් 7,000කින් පහළට
ලෝක වෙළෙඳපොළේ රන් මිල අඛණ්ඩව පහත වැටීමත් සමඟ මෙරට රන් මිල ද අද (20) සැලකිය යුතු අගයකින් අඩු වී තිබේ.
වෙළෙඳපොළ දත්ත වාර්තාවලට අනුව මෙරට රන් මිල අද දිනයේදී රුපියල් 7,000කින් පහළ ගොස් ඇති බව සඳහන් වේ.
මෙරට රන් මිල පහළට – කැරට් 24 සහ 22 රන් පවුමක නව මිල මෙන්න
මේ අතර, ජාත්‍යන්තර වෙළෙඳපොළේ රන් මිලද සීග්‍රයෙන් පහත වැටෙමින් පවතින අතර, මේ වනවිට රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 3,526ක් දක්වා අඩු වී තිබේ. ඒ අනුව ලෝක වෙළෙඳපොළේ රන් මිල ඩොලර් 3,500 සීමාවට ආසන්න වී ඇත.
අද පෙරවරු 10.00ට යාවත්කාලීන කරන ලද දත්තවලට අනුව මෙරට රන් මිල ගණන් පහත පරිදි සටහන් වී තිබේ.
- කැරට් 24 රන් පවුමක මිල රුපියල් 345,000කි.
- කැරට් 22 රන් පවුමක මිල රුපියල් 317,400කි.
කෙසේ වෙතත්, ඊයේ (19) දිනයේදී කැරට් 24 රන් පවුමක මිල රුපියල් 352,000ක් ලෙසත්, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 323,800ක් ලෙසත් පැවතිණි.
ඒ අනුව ඊයේ පැවති මිල ගණන් සමඟ සැසඳීමේදී අද දිනයේදී කැරට් 24 සහ කැරට් 22 යන දෙවර්ගයේම රන් පවුමක මිල රුපියල් 7,000කින් අඩු වී තිබේ.



