
කාලගුණය
තද සුළං හේතුවෙන් මුහුදු ප්‍රදේශ රළු වෙයි
තද සුළං සහ රළු මුහුදු තත්ත්වයන් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (30) පස්වරු 4.30 සිට හෙට (31) පස්වරු 4.30 දක්වා මෙම නිවේදනය බලපැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මුලතිව් සිට කන්කසන්තුරය, මන්නාරම සහ හලාවත දක්වා වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශවල මෙන්ම ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු කලාපවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 සිට 65 දක්වා ඉහළ යා හැකි බව දැනුම් දී ඇත.
එම හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු තත්ත්වයට පත්විය හැකි බැවින් ධීවර සහ නාවික කටයුතුවල නිරත වන පිරිස් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.



