යුද්ධ සහ ගැටුම්

ඉරාන ජනපතිගේ යුද කොන්දේසි

මේවනවිට උත්සන්න වී ඇති මැදපෙරදිග යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරාන ජනාධිපති MASOUD PEZESHKIAN විසින් ප්‍රධාන කොන්දේසින් තුනක් ඉදිරිපත් කර ඇත.

එතුමන් පෙන්වාදී  ඇත්තේ සාමය ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව ඇතුලු අදාළ පාර්ශවයන් මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු බවය. 

ඉරාන ජනාදිපති PEZESHKIAN කොන්දේසි ලෙස ඉදිරිපත් කර ඇත්තේ, 

එරට නීත්‍යානුකූල අයිතිවාසිකම් පිළිගැනීම එනම් ඉරාන පාලනයේ ස්වෛරීභාවය සහ අයිතීන් ජාත්‍යන්තර මට්ටමින් තහවුරු කළ යුතු බව.

සිදුව ඇති විනාශයන් හට සාධාරණ වන්දි මුදලක් ගෙවීමට පියවර ගැනීම සහ ඉදිරියේදී  මෙවැනි ආක්‍රමණ හෝ ප්‍රහාරයන් යළි සිදු නොවන බවට ස්ථිර ජාත්‍යන්තර ඇපකර සහ සහතිකයන් ලබාදීම යන කොන්දේසින් ය.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button