
ප්‍රධාන පුවත්
විශේෂ මෙහෙයුම්වලින් අපරාධවලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 23ක් හඳුනා ගැනේ
විශේෂ මෙහෙයුම්වලින් අපරාධවලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 23ක් හඳුනා ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය සමත්ව තිබේ.
විශේෂ මෙහෙයුම්වලින් අපරාධකරුවන් 23ක් හඳුනා ගැනීමත් සමඟ පුද්ගලයින් 410ක් අත්අඩංගුවට
දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ මෙම පුද්ගලයින් හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම අරමුණු කරගනිමින් මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක වේ. ඒ අනුව කොට්ඨාස මට්ටමින් දිවයිනේ සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි මෙහෙයුම් සිදුකරනු ලබයි.
එහිදී ඊයේ (04) දිනයට අදාළව පුද්ගලයින් 26,868 දෙනෙකු පරීක්ෂාවට ලක්කර තිබේ.
එම පරීක්ෂා කිරීම්වලින් අනතුරුව සැකපිට පුද්ගලයින් 410 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.




