සෞඛ්‍යය

දිනෙන් දින ඉහල යන ඩෙංගු රෝගීන්

වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 91,346ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඊයේ (13) වනවිට වාර්තා වී ඇති මෙම රෝගීන් සංඛ්‍යාවට අමතරව, ඩෙංගු රෝගය හේතුවෙන් මේ වසරේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 68ක් බවද එම ඒකකය සඳහන් කරයි.

වසරේ මේ දක්වා වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී වන අතර, එම මාසයේදී රෝගීන් 29,968ක් වාර්තා වී තිබේ.

මේ අතර, අගෝස්තු මාසයේ ගතවූ පළමු දින 13 තුළ පමණක් ඩෙංගු රෝගීන් 6,004ක් වාර්තා වී ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි.

වසරේ මේ දක්වා වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර, එම සංඛ්‍යාව 48,383කි.

දකුණු පළාතෙන් ඩෙංගු රෝගීන් 13,479ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 8,160ක් වාර්තා වී ඇති බවද අදාළ වාර්තාවේ දැක්වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button