අද විශේෂ

අළු බදාදා අදයි – චතාරික සමය ආරම්භ කරමින් කිතුණුවන් ආධ්‍යාත්මික සූදානමට

“දූවිල්ලෙන් සෑදුනු මිනිසා දූවිල්ලටම හැරෙන්නේය” යන දේව වාක්‍යය සිහිපත් කරමින් කිතුණු බැතිමතුන් අළු බදාදා දිනය අද (18) සමරති.

අළු බදාදා අවස්ථාව නිමිත්තෙන් දිවයින පුරා දේවස්ථානවල විශේෂ දිව්‍ය පූජා පැවැත්වෙන අතර, එම පූජාවේ විශේෂ චාරිත්‍රයක් ලෙස බැතිමතුන්ගේ නළලට අළු තැවරීම සිදු කෙරේ. එය මනුෂ්‍ය ජීවිතයේ කල්පනාකාරී බව සහ පශ්චාත්තාපය සිහිපත් කරවන සංකේතයකි.

අළු බදාදා සමඟම කිතුණුවන්ගේ චතාරික සමය ද ආරම්භ වෙයි. මෙම ආගමික සමය තුළ ජේසුස් වහන්සේගේ දුක්විඳීම, මරණය සහ නැවත උත්ථානය අනුස්මරණය කරමින් බැතිමතුන් ආධ්‍යාත්මික වශයෙන් සූදානම් වීම ප්‍රධාන අරමුණ වේ.

සාමාන්‍යයෙන් දින 40ක් පුරා පැවැත්වෙන චතාරික සමය තුළ ආත්ම පරීක්ෂණය, පශ්චාත්තාපය, උපවාසය සහ යාච්ඤාවට විශේෂ අවධානය යොමු කරමින් කිතුණු බැතිමතුන් තම ආගමික ජීවිතය ශක්තිමත් කර ගැනීමට උත්සාහ කරති.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button