අද විශේෂ

ජාත්‍යන්තර මව් භාෂා දිනය අද – භාෂා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ වැදගත්කම යළි අවධාරණයට

අද (පෙබරවාරි 21) ලොව පුරා ජාත්‍යන්තර මව් භාෂා දිනය සැමරෙයි. භාෂාමය හා සංස්කෘතික විවිධත්වය රැකගැනීමේ වැදගත්කම අවධාරණය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

1999 වසරේ UNESCO සමුළුවකදී මෙම දිනය නිල වශයෙන් අනුමත කරනු ලැබූ අතර, 2000 වසරෙන් පසු එය ගෝලීය වශයෙන් සමරනු ලබයි. තිරසාර සමාජ ගොඩනැගීම සඳහා සංස්කෘතික හා භාෂා විවිධත්වය අත්‍යවශ්‍ය බව එම සංවිධානය පෙන්වා දෙයි.

මෙම දිනය ප්‍රකාශයට පත් කිරීම සඳහා මුලික යෝජනාව ඉදිරිපත් කළේ Bangladesh විසිනි. 1952දී එරට රජය උර්දු භාෂාව ජාතික භාෂාව ලෙස ප්‍රකාශයට පත් කිරීමට ගත් තීරණයට විරුද්ධව පැවති විරෝධතා අතරතුර ශිෂ්‍යයන් කිහිපදෙනෙකුගේ ජීවිත අහිමි විය. පසුව බෙංගාලි භාෂාව ජාතික භාෂාව ලෙස පිළිගැනීමත් සමඟ එම කැපවීම ඉතිහාසගත විය.

ඒ අනුව, භාෂා අයිතිවාසිකම් සඳහා කළ එම සටන සිහිපත් කරමින් 1999දී UNESCO විසින් සෑම වසරකම පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය ලෙස නම් කළේය.

ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක Sajith Premadasa මහතා සඳහන් කළේ, ශ්‍රී ලාංකේය අනන්‍යතාව ශක්තිමත් කිරීම සඳහා සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බවයි. මව් භාෂාව යනු ප්‍රජාවක අනන්‍යතාව තහවුරු කරන ප්‍රධාන සාධකයක් වන අතර, භාෂාව සන්නිවේදන මෙවලමක් පමණක් නොව සංස්කෘතිය, සාරධර්ම සහ ඉතිහාසය පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන මූලික වාහකයක් බව ද ඔහු අවධාරණය කර ඇත.

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත්කළ නිවේදනය පහතින්,

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button