යුද්ධ සහ ගැටුම්

අමෙරිකා – ඉරාන සාම ගිවිසුමේ දිනය අවිනිශ්චිතයි

අමෙරිකාව සහ ඉරානය අතර යෝජිත සාම ගිවිසුමට අත්සන් තැබීමේ නියමිත දිනය සම්බන්ධයෙන් මේ වනවිට අවිනිශ්චිත තත්ත්වයක් මතුව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ගිවිසුමට අද (14) දිනයේ අත්සන් තැබෙන බව අමෙරිකාව මෙන්ම සාකච්ඡා මධ්‍යස්ථයකු ලෙස කටයුතු කළ පාකිස්තානයද මීට පෙර ප්‍රකාශ කර තිබුණි. එහෙත් ඒ සම්බන්ධයෙන් ඉරානයෙන් නිල තහවුරු කිරීමක් නොලැබීම හේතුවෙන් එම ක්‍රියාවලිය පිළිබඳ සැකසහගත තත්ත්වයක් ඇතිව තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 80 වන උපන්දිනයට සමගාමීව මෙම සාම ගිවිසුම අත්සන් කෙරෙනු ඇති බව ඔහු සඳහන් කර තිබූ අතර, පාකිස්තාන අග්‍රාමාත්‍ය ශේබාස් ශරීෆ් ද ගිවිසුම් සකස් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බව පවසමින් අද දිනයේ අත්සන් තැබීමක් අපේක්ෂා කළේය.

කෙසේවෙතත්, ඉරාන විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක ඉස්මයිල් බගායි පවසා ඇත්තේ අද දිනයේ ගිවිසුම අත්සන් නොකෙරෙන අතර එය ඉදිරි දින කිහිපය තුළ සිදුවිය හැකි බවයි.

මේ අතර, අමෙරිකාව සමඟ එකඟතාවකට පැමිණීමේ ඉරාන රජයේ ප්‍රයත්නය සම්බන්ධයෙන් එරට දැඩි මතධාරී කණ්ඩායම්වල විරෝධය සහ අප්‍රසාදය ද මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button