විදෙස්

තමිල්නාඩු මහ මැතිවරණයේ ඉතිහාසගත ඡන්ද සහභාගීත්වය 84.6% – නව වාර්තාවක්

තමිල්නාඩු ප්‍රාන්තයේ පැවැති මෙවර මහ මැතිවරණය ඉතිහාසගත සිදුවීමක් ලෙස සැලකෙයි. ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව, 84.6%ක දැවැන්ත ඡන්ද සහභාගීත්වයක් වාර්තා වී ඇති අතර, 1952 සිට එම ප්‍රාන්තයේ පැවැති මැතිවරණවලින් ඉහළම ප්‍රතිශතය මෙය ලෙස සටහන් වී ඇත.

2011 වසරේ වාර්තා වූ 78.29%ක පෙර ඉහළම ඡන්ද ප්‍රතිශතයද මෙවර බිඳ වැටී ඇති අතර, චෙන්නායි නගරය තුළ පවා සවස 5.00 වන විට 81.34%ක ඡන්ද සහභාගීත්වයක් දක්නට ලැබීම විශේෂත්වයකි.

ප්‍රාන්තය පුරා ඡන්ද මධ්‍යස්ථාන අසල දිගු පෝලිම් දක්නට ලැබුණු අතර, නවක ඡන්දදායකයින් සිට වැඩිහිටියන් දක්වා ජනතාව උද්යෝගයෙන් ඡන්දය ප්‍රකාශ කළ බව වාර්තා වෙයි.

කොයිම්බතූර් ප්‍රදේශයේදී ඡන්දදායකයින් පිළිගැනීම සඳහා “ටීනා” නම් රොබෝවරියක් යොදා ගැනීමද අවධානය දිනාගත් අතර, චෙන්නායි නගරයේ අලුත විවාහ වූ යුවළක් මංගල ඇඳුමින්ම පැමිණ ඡන්දය ප්‍රකාශ කිරීමද විශේෂ සිදුවීමක් විය.

මෙවර මැතිවරණයේදී ආසන 234ක් සඳහා අපේක්ෂකයින් 4,023 දෙනෙකු තරඟ වැදී සිටින අතර, DMK සන්ධානය, ADMK ප්‍රමුඛ National Democratic Alliance, නළු විජේගේ නායකත්වයෙන් ක්‍රියාත්මක TVK පක්ෂය සහ Seemanගේ නායකත්වයෙන් Naam Tamilar Katchi පක්ෂය අතර දැඩි තරඟයක් පවතින බව ද සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button