ක්‍රීඩා

සනත් ජයසූරිය අද ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සමුගනී

ICC Men’s T20 World Cup තරගාවලියේ පාකිස්තානයට එරෙහිව අද (28) පල්ලේකැලේදී පැවැත්වෙන තරගය, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතාට අදාළ අවසන් තරගය ලෙස සැලකෙයි.

තරගාවලිය ආරම්භයට පෙරම මෙම ලෝක කුසලානයෙන් අනතුරුව ධුරයෙන් ඉවත්වන බව ජයසූරිය මහතා ප්‍රකාශ කර තිබූ අතර, එම තීරණය වෙනස් නොකර තවදුරටත් පවත්වාගෙන ගොස් තිබේ. තම කොන්ත්‍රාත් කාලය ඉදිරියටත් පැවතුණද, ප්‍රධාන පුහුණුකරු ධුරයේ තවදුරටත් රැඳී සිටීමට අදහසක් නොමැති බවද ඔහු සඳහන් කර ඇත.

2024 ජූලි මාසයේදී ඉන්දියාවට එරෙහි තරගාවලියේදී තාවකාලික පුහුණුකරු ලෙස වගකීම භාරගත් ජයසූරිය මහතා, එම වසර අවසානයේදී පූර්ණ කාලීන ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කරනු ලැබීය.

ඔහුගේ ධුර කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුම ආකෘතිවල තරග 74කට මුහුණ දී ජයග්‍රහණ 34ක් ලබාගත් අතර පරාජයන් 38ක් වාර්තා විය. තරග 2ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button