
ට්‍රම්ප් Project Freedom මෙහෙයුම තාවකාලිකව නවතයි
ඉරානය සමඟ එකඟතාවකට ඉඩ ලබාදීමේ අරමුණින් හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා ආරම්භ කළ Project Freedom මෙහෙයුම තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.
ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සඳහන් කර ඇත්තේ, පාකිස්තානය ඇතුළු මැදිහත්කාර රටවල ඉල්ලීම් සහ ඉරානය සමඟ පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතිය සලකා මෙම පියවර ගත් බවය. කෙසේවෙතත්, ඉරාන වරායන්ට පනවා ඇති අවහිරතා තවදුරටත් ක්‍රියාත්මක වන බවද ඔහු අවධාරණය කළේය.
මෙම මෙහෙයුම සඳුදා ආරම්භ වූ අතර, එමඟින් අමෙරිකාව සහ ඉරානය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන වෙඩි හුවමාරුද වාර්තා විය.
මේ අතර, අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ප්‍රකාශ කළේ ඉරානයට එරෙහි ප්‍රහාරක මෙහෙයුම් මේ වනවිට නතර කර ඇති බවයි. නමුත් හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට නැවත තර්ජන එල්ල වුවහොත් දැඩි ප්‍රතිචාර දක්වන බව වොෂින්ටනය අනතුරු අඟවා තිබේ.



