
ප්‍රධාන පුවත්
නීතිවිරෝධී වත්කම් ගැන පොලීසියෙන් ජනතාවට දැනුම්දීමක්
නීතිවිරෝධී වත්කම් උපයාගත් බවට සැක කෙරෙන පුද්ගලයින් සහ හදිසියේ විශාල දේපළ හිමිකරගත් අය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලීසිය විමසිල්ලෙන් පසුවන බව දැනුම් දී තිබේ.
නීත්‍යානුකූල ආදායම් මාර්ගයක් නොමැතිව අධික වටිනාකමකින් යුතු දේපළ හිමිකරගන්නා පුද්ගලයින් පිළිබඳව අවධානය යොමු කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ නීතිවිරෝධී ක්‍රියා මගින් උපයාගත් දේපළ සහ වත්කම් සම්බන්ධයෙන් දිවයින පුරා විමර්ශන ක්‍රියාත්මක බව ද පොලීසිය පැවසීය.
සමාජ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා සැකකටයුතු ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
ජනතාවගෙන් ලැබෙන තොරතුරු නීතිවිරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා වැදගත් වන බව ද පොලීසිය වැඩිදුරටත් අවධාරණය කළේය.



