කාලගුණය

ප්‍රදේශ කිහිපයකට හෙට උණුසුම් කාලගුණයෙන් අවදානමක්

හෙට උණුසුම් කාලගුණය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාවට අවධානයෙන් පසුවන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (18) පස්වරු 4.00ට නිකුත් කළ අවවාදාත්මක නිවේදනය හෙට (19) දිනය පුරා බලපැවැත්වේ.

ඒ අනුව උතුර, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල මෙන්ම මොනරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමට ඉහළ යා හැකි බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදාළ ප්‍රදේශවල ජනතාව ප්‍රමාණවත් තරම් ජලය පානය කරන ලෙසත්, සෘජු හිරු එළියට නිරාවරණය වීම හැකිතාක් සීමා කරන ලෙසත් බලධාරීහු උපදෙස් දෙති.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button